අපි කාලකන්නියන් වීමු...............

Posted by Lakmal Bandara on 7:44 AM


හිමිදිරි උදයේ මා පුබුදු වන විට හිරු කුමරු නිල් අහසේ ඩොටේ නැග තිබුනි.අසිරිමත් උදෑසනකි...
වෙනදාට නම් සිරිමත් මගෙ සකි යහපත් ලමයෙකි යැයි කියන්නට වත් ගෙදර එකෙක් වත් නැත.ඒත් අද මොකක්දෝ අමුත්තක් ඇත..
මේ දවස් ටිකේ ලොකු එකා උසස් පෙල ලියනවාය.(වෙනදාට ඌ පිටත් වන විට මා දොයිය..)එයට කියන්නේ ලියනවා නොව උසස්පෙලට වාඩි වෙනවා කියාය.
අපි නම් උසස් පෙළට විභාගයට ගියේ වාඩි වෙන්නටය..ඒත් මූ නම් විභාගය ලියනවාමය.මීට පෙර දවස් වල මා අවදි වන විට ගෙදර මොකෙක් වත් නැත
අම්මා බෝධිපූජාවකට යයි.නමුත් අද එසේ නැත..මල්ලිට විභාගය දවල් වරුවේය...ගේ සාලයේ පමනක් නොව කාමර වලද දැඩි ඝන මීදුමක් ඇත.එය මී දුම නොව දුම් අල්ලන කබලෙන් නිකුත් වූ දුම බව නහය අල්ලා බැලීමෙන් මම වටහා ගත්තෙමි.මම නැගිට කාමරයෙන් එලියට ආවෙමි...
කරන්නට කිසිම වැඩක් නැත..අවුරුද්දක් තිස්සේ මා ගෙදරය.අනේ මම පව් යැයි සිතේ.උසස් පෙලක් කොර ගෙදට්ට නාකි වීමට සිදුව ඇත.හම රැලි වැටී කොන්ඩය ඉදී ඇතැයි කන්නාඩිය ඉස්සරහට ගොස් බැලූ මට පෙනේ.මෙහෙම ගියොත් දීග යාමට සිදු වන්නේ අවුරුදු 40ත් පැනලාය.නෙද්දකින්ය..පූරුවේ අවාසනාවකට උසස්පෙල සමත් වීමේ කරුමය මම ගෙවමින් සිටිමි.පරම්පරාවෙන් පරම්පරාවට මේ දුක විදීමට සිදුවේ නොවේදැයි සතුටු සිතින් විභාගයට යන්නට සැරසෙන ලොකු මල්ලී දුටු විට මට සිතේ.
මල්ලී විභාගයට යාමට මත්තෙන් ගෙදරින් දොට්ට දැමීමේ නැකතක් ඇත.ඌ ලොකු ලමයෙක් වී දැන් අම්බානෙක කල් ය.කෙලි පැටව් ලොකු වන්නා සේම මූද ලොකුය.ඒත් මේ ගොබිලා දොට්ට දැමීමටද නැකතක් ඇත.
නැකතට අනුව දොට්ට බහින මල්ලී ඉස්සරහට මල් පිරුනු වතුර කෝප්පයක් රැගෙන එන්නේ අම්මාය.කීප දොහක් කෝප්පය ඉල්ලා ගැනීමට මම තැත් කලෙමි.


'තොගේ අතට කෝප්පේ දීලා මේ කොල්ලගෙත් විභාගේ අනාත කරන්න බෑ'


අම්මා මට නම්බු දී කතා කරාය.
මල්ලි අම්මට දණ නමා වදී...තාත්තටද වදී....මගේ දිහාට හැරි කොලොප්පමට සිනා සේ..
මූ මට වදින්නේ නැත.මට වැන්දොත් විභාගය ෆේල් වේවියැයි මූ අන්ද විශ්වාසයක සිටී.කොහොමත් මූ මට වදින්නේ නැත.අවුරුද්දේ නැකැතට යාන්තම් අත් දෙක එකතු කලද වෙන කිසිම වේලාවක වදින්නේ නැත.


'අඩෝ....ලොකු අයියට වැදපන් ගෙම්බා'


කවදත් මාගේ සහයට සිටිනා චූටි මල්ලී ගේ අස්සක සිට මොර දෙයි...
පොඩි මල්ලි යන තුරු සිට මම චූටි එකා ලගට යයි..


"මොකෝ උඹ අද මගේ පැත්තට කතා කරේ..බොට මොකක් හරි වැඩත් තියේද මට කියලා කරවගන්න'


'ලොකු අයීයේ..මාත් එක්ක පුස්තකාලෙට යමන් කෝ..'
මාගේ පැත්තට කතා කිරීමේ හේතුව ඌ එලියට දමයි...මම සිනාසෙයි...
ඌවත් පුස් සයිකලයේ දමා ගත් මම පුස්තකාලයට යමි.පොත් තෝරන්නේ මමය.ඌ කොරන්නේ බලා හිදීම පමනි.
ඌ බලා හිදින්නේ මා පොත් තෝරන දෙස යැයි ඔබලා වැරදියට වටහා නොගන්න.ලමා පුස්තකාලයේ පොත් කියවන අහිංසක නංගිලා දෙස මූ අනිමිස ලෝචනය කරයි.
මෙහෙම චූටි මල්ලි කෙනෙක් මට වාසනාවක් ය.මූ හැමදාම පුස්තකාලයේ එන්නේ මේකට බව මට වැටෙහෙයි.
අනේ අපිත් ඔය කාලේ පහු කරා නේදෝයි සිතා මම සිත හදා ගන්නෙමි.
පොතුත් රැගෙන ගෙදර ආ පසු චූටි මල්ලීගේ බජාර් එකෙන් අපේ ගෙදරට කඩාගෙන පනී...


"මෙන්න...අයීයේ....චූටි ඉන්නවා..."


'ඔන්න කාමරේ ඇති'


මම පිලිතුරු දෙමි. කාමරයට රිංගන ඇච්චො බැච්චො මොන මොනවදෝ කුටු කුටු ගායි...


'ලොකු අයියේ...මම යනවා...අම්මට කියන්න සෙල්ලම් කරන්න ගියා කියලා'
එහෙම කියනා ඌ අවලමේ යයි..සුපුරුදු ලෙස මා නිවසේ තනි වෙයි...බ්ලොග් එකේ කුරුටු ගෑමත් කන්නට ලැබෙන කෑම ටිකත් නැති නම් මට මේ ජීවිතේ එපා වී ගොස්ය.
මක් කොරන්නද...

Comments
0 Comments
Facebook Comments by Tricks Lanka

0 comments:

Post a Comment