බබා

Posted by Lakmal Bandara on 7:34 AM


වයස 80දී පමණ මිනිසෙකුට නැවත කසාදයක් කරගැනීමට සිතී එක් රූමත් තරුණියක් හා විවාහ විය. කසාද බැඳ ටික දවසක් සතුටින් ජිවත් වන විට තරුණියට බබෙක් ලැබීමට පැමිණියේය. මෙම පුවත ඇසු වි‍ට මහත් සතුටට පත්වූ මහලු මිනිසා දොස්තර මහතා හමුවී මේ පිළිබඳව කියා සිටියේ මහත් ආඩම්බරයකිනි. එහෙත් මෙවැනි වයසක පසුවන පුද්ගයයෙකුට දරුවකු ලැබීමේ හැකියාව නොමැති බව දැනගත් වෛද්‍යවරයා මෙම මහල්ලාට පොඩි කතන්දරයක් කීමෙන් තත්වය පැහැදිලි කිරීමට උත්සාහ ගත්තේය.


"දවසක් මිනිහෙක් කැලෙට ගිය වෙලාවක කොටියෙක් ඉස්සරහට පැන්නා... මේ වෙලාවේ මිනිහගේ අතේ තුවක්කුවක් තිබ්බේ නෑ! ඒ උනාට මොලේ පාවිච්චි කරපු මනුස්සයා අතේ බොරු තුවක්කුවක් තියෙනවා වගේ පෙන්නලා කටින් සද්දයක් දාල වෙඩි තියෙනවා වගේ පෙන්නුවා. එතකොටම කොටිය මැරිලා වැටුන..."


මේ කතාව ඇසු මිනිසා මෙසේ කිවේය "වෙන්න බෑ ඩොක්ටර්... එක මහා බොරු කතාවක්නේ සිද්ද වෙන්නේ ඇත්තේ මේකයි. පිටිපස්සේ හිටපු වෙන කෙනෙක් තමයි ඇත්තටම වෙඩි තියන්න ඇත්තේ...!"


මෙය ඇසු විට වෛද්‍යවරයා කින්ඩි හිනාවක් දමා අහක බලා ගත්තේය.

Comments
0 Comments
Facebook Comments by Tricks Lanka

0 comments:

Post a Comment