ගෙදරට එන විදිහ...

Posted by Lakmal Bandara on 6:20 PM

මම කලකින් යහළුවෙකුගේ නිවස අසලින් යන අතරතුර එහි ගොඩවීමට සිතී ඔහුට දුරකථන ඇමතුමක් දුණිමි.

යහළුවා - "හලෝ මචං, කොහොමද?"
මම - "ඒක නෙවෙයි මම උඹලගෙ ෆැලැට් එක ලඟ ඉන්නේ... ගෙදරට එන විදිහ කියපං"
යහළුවා - "හරි මචං, ඔතන තියෙන පාක් එකේ කාර් එක දාපං, ඊට පස්සේ 3බී ෆ්ලැට් එකට වරෙන්. දකුණු අතේ වැලමිටින් ලිෆ්ට් එකේ 6 තට්ටුවේ බටන් එක ඔබපං. ඊට පස්සේ දකුණු පැත්තට හැරිලා 2 වෙනි ගේ. බෙල් එක වම් අතේ වැලමිටින් ගහපං... මම ගෙදර ඉන්නවා..

මම - " ඒක නෙවෙයි... ඇයි මට වැලමිටින් බට්න් ඔබන්න කියන්නේ. ?"
යහළුවා - "නෑ මචං, බයිට් ට්ක එක අතක, අනෙක් අතේ බෝතලේ වැටුනොත් එහෙම"

Comments
0 Comments
Facebook Comments by Tricks Lanka

0 comments:

Post a Comment