► Anonymous

Posted by Lakmal Bandara on 8:34 AM




facebook, ඇනෝනිමස් හැකර් කණ්ඩායමේ සයිබර් ප්‍රහාරයකට ලක්වේද?
Anonymous Says Facebook is next Target, on Jan 28



මේ මස 28 එනම් (2012 ජනවාරි 28) වෙනිදා රාත්‍රී 12.00 ට (12 A.M) facebook වෙබ් අඩවිය ඇනෝනිමස් හැකර් කණ්ඩායම මගින් සයිබර් ප්‍රහාරයකට ලක්කොට අක්‍රීය කොට දැමීමට ක්‍රියා කරන බව දැක්වෙන විඩියෝවක් උදේ පාන්දරම youtube එකේ දැක්කා.


මම හිතන්නේ බොහෝ දෙනා දකින්නත් ඇති. මෙහෙයුමේ නම නම් ''#OpGlobalBlackout FACEBOOK ATTACK''



මේ තියෙන්නේ ඒ වි‍ඩියෝව...



මේ විඩියෝව හරහා ඔවුන් තව දුරටත් ප්‍රකාශ කරනුයේ 60,000 ක් පමණ වන සර්වර් මැෂීන් (Servers’) බිද දැමීමට ඇති බවත්, එය බිද දැමීමට හැකියාව ඇති බවත්, ඒ සඳහා තමන්ගේ මෙම මෙහෙයුමට සහය දක්වන ලෙසත්, මෙම විඩියෝව හරහා ලොව පුරා ජනතාවගෙන් ඇනෝනිමස් හැකර් කණ්ඩායම ඉල්ලා සිටින බවයි. කොහොම වුනත් මේක වෙනවද නැද්ද බලන්න නම් ඉතින් අද ඉදලා සෙනසුරාදා වෙනකන්ම බලන් ඉන්න වෙනවා. ඒ අතරෙත් එක එක දේ සිද්ධ වේවි කියලා හිතෙනවා.



මේ පිළිබඳ අදහස් දක්වා තිබු facebook අඩවි‍යට සම්බන්ධ ප්‍රකාශකයකු නිල නොවන අයුරින් කියා ඇත්තේ... “ඇනෝනිමස් හැකර් කණ්ඩායම පමණක් නොව වෙනත් ඕනෑම සයිබර් ප්‍රහාරයකට මුහුණ දීමට තම අඩවියේ ආරක්ෂා පුළුල් කර ඇති බවත්ය.”



We are Anonymous...
We are Legion...
We do not Forgive...
We do not Forget...
Expect Us !
ඒ ඇනෝනිමස් කණ්ඩායමේ ශිර්ෂ පාඨයයි... :o



මේ කොහේද ඉදලා ආපු SOPA හා PIPA හින්දා අපේ අයටත් සෙනසුරාදා ඉදලා fb status update නොකර ඉන්න වේවිද දන්නෑ නේද??? :P

Comments
0 Comments
Facebook Comments by Tricks Lanka

0 comments:

Post a Comment