ආදරේට පච්ච ගැහුවෙ

Posted by Lakmal Bandara on 6:36 AM



මේක මේ ලඟදි මට යාලුවෙක් හම්බවෙලා කියපු කතන්දරයක්... කතන්දරේ ඇත්තද බොරුද දන්නෑ.. මේක අහල තියෙන කට්ටියත් ඇති... ඒ කට්ටිය තරහ වෙන්න එපා.........

මෙන්න මේකයි කතාව.... ඔන්න දවසක් යාලුවෙක් ගියාලු එයාගේ හොඳම යාළුවගේ ගෙදර... යනකොට ඔන්න යාළුවා ඉන්නවලු ගේ ඉස්සරහට වෙලා අඬ අඬ.. පොඩ්ඩක් ලංවෙලා බැලුවම දැක්කලු මේ යාළුවගේ අතේ ලොකු අකුරින් කෙල්ලෙක්ගෙ නමක් පච්ච ගහල තියෙනව... ඉතින් අපේ යාළුවා හිතුවලු එකත් එකටම කෙල්ල බූටක් තියෙල ඒකයි මේ අඬන්නේ කියල.. ඉතින් ඇහුවලු අර යාලුවගෙන්.. 

"මචං ඉතින් ඕව ඔහොම තමයි... කෙල්ලෝ කියන්නේ මහා විශ්වාස කරන්න බැරි චපල ජාතියක්නේ.. ඕව ගණන ගන්න එපා.... උඹට ඔයිට වඩා හොඳ කෙල්ලෙක් සෙට් වෙයි.."

මේක අහපු අනිත් යාළුවා පොඩ්ඩක් අපේ යාළුව දිහා බලන් ඉඳල කිව්වලු,

"උඹ මේ මගුලක් කතා කරනව... කෙල්ල තියපු බූටක් නෑ ඕයි! මම හදිස්සියට පච්චේ ගහගෙන තියෙන්නේ අකුරු වරද්දගෙන... "

උපදේශය: හැමවෙලාවෙම වැරැද්ද කෙල්ලන්ගේ අතේ කියන්නත් බෑ!!

Copyed by:-matharayek

Comments
0 Comments
Facebook Comments by Tricks Lanka

0 comments:

Post a Comment