අනේ මටනං ඕව තේරෙන්නෑ!!!

Posted by Lakmal Bandara on 6:35 AM



ආදරේ කියන්නේ ඇත්තටම මොකක්ද?


ඒක හන්ද ජිවිතේ උනත් පූජා කරන්න හිතෙනවද? හැ... හැ...


කෙනෙක් තවත් කෙනෙක් හන්ද මැරෙන්න කැමතිවෙනව කියන්නේ මාර වැඩක් නේ? මටනම් ජිවිතේට ඔය වගේ එකක් හිතිලා නෑ. ඒත් අපේ උන්නං කියන්නේ තෝ සිරාට ලව් කරන්න ගත්ත දාට ඒක තේරෙයි කියල.

ආයේ මොන පිස්සුවටද රෑ දොළහ එක වෙනකන් ෆෝන් එකේ එල්ලිලා ඉන්නේ? මම මේ අම්මට අප්පට කෝල් කලත් විනාඩිය පනින්න ඉස්සෙල්ල තියන එකා කෙල්ලෙක් හම්බ උනාම වෙනස් වෙයි කියල හිතන්න පුලුවන්ද?


වෙන එකක් තියා කඩේකට ගියාම අපේම උන්ගෙන් කඩාගන්න මම කෙල්ලෙක්ට කියන කියන ජාති අරන් දෙයි කියල හිතුවද? ඉර පායයි වෙන පැත්තකින් කවදාවත් ඒකනම් වෙන්නේ නෑ!


එතකොට එයා අඬන හැම වෙලාවෙම හිත සැනසෙන වචන කියල නලෝන එක. මොන පිස්සු වැඩක්ද? දන්නෙත් එකෙක්ව අල්ලගෙන හිත රිදෙනකන් බයිට් කරන්න මිසක් මතක ඇති කාලෙකින් හිතක් සනසල නෑ.


තවත් සමහරු කියනව ගෙදරට හොරෙන් ලව් කරන ඒකත් මාර ආතල් කියල. ගෙදරට හොරෙන් කරන වැඩනම් ආතල් තමයි. හැබැයි ඉතින් ගෙදරට හොරෙන් කරන්න දන්නේ වල බැසීම ඇරුනම තව සීමිත දේවල් ටිකක් විතරයි. මේකටනම් අලුතෙන්ම පුරුදු වෙන්න වෙයි.


තව.... පාර්ක්‌ වල, පාරවල් දිගේ ඇවිදින්න යන ඒවා. හපෝ... ඔයිට වැඩිය කොච්චර වැඩ තියෙනවද කරන්න? යාලුවෝ සෙට් එකක් එක්කහු කරගෙන ෆිල්ම් එකක් බලන්න යන එක, කඩල ගොට්ටක් බැඳගෙන බස් ස්ටෑන්ඩ් එකේ රස්තියාදු වෙන එක වගේ ඒවා කොච්චර විනොදජනකද?


මටනම් මේ මුකුත් තේරෙන්නේ නෑ! ආදරේ මත්තේ මිනිස්සු මෙච්චර මැරෙන්නේ ඇයි! ජිවිතේ කියන්නේ ආදරේ විතරමද? කොච්චර දේවල් තියෙනවද ජිවිතේ කරන්න? දැන්නං මට නිකං පිස්සු වගේ...!!!

Copyed by:-matharayek

Comments
0 Comments
Facebook Comments by Tricks Lanka

0 comments:

Post a Comment