මාතරේ හිල්වුඩ් යයි

Posted by Lakmal Bandara on 6:40 AM comments (0)



උදේ පාන්දර පහ මාරට බෙල් එකකට නැගිටින්න හිත දෙන්නේ කාටද? ඊයා... බොර්ඩිමේ අපිටනම් ඕක හුරුපුරුදු දෙයක් උනාට හැමදාම දවස පටන් ගන්නේ බෙල් එක ගහපු එකා ජාතක වෙච්ච හැටි මතක කර කර. ඔන්න ඉතිං මම කියන්න යන දවසත් පටන් ගත්තේ එහෙමයි. නැගිට්ට ගමන් තේ එක බොන්න දුවන්න

ආදරේට පච්ච ගැහුවෙ

Posted by Lakmal Bandara on 6:36 AM comments (0)



මේක මේ ලඟදි මට යාලුවෙක් හම්බවෙලා කියපු කතන්දරයක්... කතන්දරේ ඇත්තද බොරුද දන්නෑ.. මේක අහල තියෙන කට්ටියත් ඇති... ඒ කට්ටිය තරහ වෙන්න එපා.........

මෙන්න මේකයි කතාව.... ඔන්න දවසක් යාලුවෙක් ගියාලු එයාගේ හොඳම යාළුවගේ ගෙදර... යනකොට ඔන්න යාළුවා ඉන්නවලු ගේ ඉස්සරහට වෙලා අඬ අඬ.. පොඩ්ඩක් ලංවෙලා බැලුවම දැක්කලු මේ යාළුවගේ අතේ ලොකු අකුරින් කෙල්ලෙක්ගෙ නමක් පච්ච ගහල

අනේ මටනං ඕව තේරෙන්නෑ!!!

Posted by Lakmal Bandara on 6:35 AM comments (0)



ආදරේ කියන්නේ ඇත්තටම මොකක්ද?


ඒක හන්ද ජිවිතේ උනත් පූජා කරන්න හිතෙනවද? හැ... හැ...


කෙනෙක් තවත් කෙනෙක් හන්ද මැරෙන්න කැමතිවෙනව කියන්නේ මාර වැඩක් නේ? මටනම් ජිවිතේට ඔය වගේ එකක් හිතිලා නෑ. ඒත් අපේ උන්නං කියන්නේ තෝ සිරාට ලව් කරන්න ගත්ත දාට ඒක තේරෙයි කියල.

සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ... - බුදු අම්බෝ..බේරගනියෝ……!!!!!!!

Posted by Lakmal Bandara on 6:34 AM comments (0)






Twitter කියන්නෙ මගෙ හිත ගත්ත හොඳම සයිට් එකක්... ඇත්තටම කියනවනං Twitter හින්ද මට Facebook ඕනෙම නැති තරං... ඒකට ආපු පලවෙනි දවස් වල පට්ට චාටර් මගුලක් තමයි, හැබැයි ඒකෙන් යාළුවො සෙට්වෙලා කට්ටියව අඳුනගත්තට පස්සෙ පුල් ආතල්..!