බසයේ සිංදුව අස්සේ කොන්දොස්තර අතරමඟ

Posted by Lakmal Bandara on 4:54 AM comments (0)

ගාලූ පාරෙන් ඈත පළාතකට ඇදෙමින් තිබූ බස් රියේ සෙනග සිටියේ ආසන ගණනට පමණි.


ඇතැම් නැවතුම් ස්ථානවල දී විනාඩි ගණන් නතර කර තබමින් මගීන් සෙවීමට සිදු වූයේ එනිසාය.

වෙනදාට දුර යන මගීන් ගැන පමණක් සිතූ කොන්දොස්තර තැන එදින රුපියල් 9ක කෙටි දුර මගීන් ද පැටවීමට උත්සාහ ගත්තේය.


කොන්දොස්තරගේ උත්සාහය හරි ගියේය. දැන් බසය පිරෙන්නට මගීන් ඇත.

කොන්දොස්තරගේ නෑදෑකමට ගුරුවරියගෙන් පාඩමක්

Posted by Lakmal Bandara on 1:12 AM comments (0)

කල වයස නොබලා ලොකු කුඩා හැම දෙනාටම නෑදෑකම් කියමින් හිතවත් වීමට තැත් කළ බස් කොන්දොස්තරවරයකුට කදිම පාඩමක් ඉගැන්වූ යොවුන් ගුරු මෙනෙවියක පිළිබඳ අපූරු පුවතක් අසන්නට ලැබුණේ කළුතර ප‍්‍රදේශයෙනි.
ගමේ සිට නගරයට යන මේ බස් රථය එදා අතුරුසිදුරු නැතිව පිරී තිබිණි. අමාරුවෙන් එහි ඇතුළේ එල්ලී සිටි මේ ගුරු මෙනෙවිය ගැන තොරතුරු දැන නොසිටි කොන්දොස්තරවරයා ඇය බසයෙන් බැසීමට සූදානම් වන විට කීවේ ”අම්මේ ඉස්සරහින් බහින්න” කියාය.

සැමියා පොලිසියේදී බිරිය අනියම් පෙම්වතාට බාරදීලා:

Posted by Lakmal Bandara on 8:29 AM comments (0)

විවාහක බිරිය පොලිසියේ දී මස්සිනාට බාරදී මාපියන් හා සියලූ දෙනාම සිනාමුසු මුහුණින් පොලිසියෙන් පිටව ගිය අපූරු පුවතක් දඹුල්ල පොලිසියෙන් වාර්තා විය.

පුලතිසි පුරවරයේ තරුණයකු දඹුල්ලට නුදුරු ගමකින් කෙටි පේ‍්‍රම සබඳතාවක් මත තරුණියක විවාහ කැරගෙන වසරක් පමණ සතුටින් ගත කරද්දී බිරියගේ මස්සිනා කෙනෙකු බිරියට පේ‍්‍රමකරන බව සැමියාගේ කනට වැටී ඇත.

මිනී පෙට්ටියක් ගොඩගනිද්දී මහසෝනා සරම ගලවාගෙන

Posted by Lakmal Bandara on 6:25 AM comments (0)

මීනී පෙට්ටියක් ගොඩ ගැනීමට ගොසින් මහසෝනා සරම ගලවාගත් සිද්ධියකි.

මියගිය තැනැත්තා ප‍්‍රදේශයේ යමක් කමක් ඇති පුද්ගලයෙකි. හදිසි අනතුරකින් ඔහු මියගිය පසුව ඔහුගේ මිනිය මිහිදන් කළේ වටිනාකමින් වැඩි මිනී පෙට්ටියකයි.
”පෙට්ටිය ගොඩ දාගත්තොත් නම් මිනී පෙට්ටි සාප්පුවට ගෙනහින් දීලා කැත නැතුව රුපියල් දහදාහක් නම් ගන්න පුළුවන්.

නාන්න සබන් අරගෙන එද්දී වැව් ඉවුරේ සිටි මිතුරා අතුරුදන්

Posted by Lakmal Bandara on 7:28 PM comments (0)

නිදහස් දා රාත‍්‍රියේ මිතුරන් තිදෙනෙකු එක්ව මධුවිතෙන් සප්පායම් වූයේ පොලොන්නරුවේ ප‍්‍රකට වැව් තෙරක් අසලය. එය නිම වනවාත් සමගම එම තිදෙනා තීරණය කළේ වැවට බැස හොඳ හැටි දිය නෑමටය. මේ වනවිට වේලාව ද රාත‍්‍රී 9 ඉක්මවා තිබුණි.
ඊළඟ ගැටලූව වූයේ නෑමට සබන් නැතිකමය. අධික වෙරිමතින් සිටි එකමිතුරකු වැව් ඉවුරේ නතර කර ඉතිරි දෙදෙනා ගියේ සබන් කැල්ලක් අරන් අපි ඉක්මනට එනතුරු ඔතන හිටපං යැයි මිතුරාට අවවාද කරමිනි. සබන් ගේනතුරු බලා ඉන්න බැරිව වැව ඉවුරේ සිටි මිතුරා දියට පැන්නේ නා ගැනීමට විය හැකිය.

වියපත් කතට අසුනක් නොදුන්නාට සිසුවාගෙන් අපූරු පාඩමක්

Posted by Lakmal Bandara on 8:23 PM comments (1)

ඉංගිරියේ සිට පිටකොටුව බලා දිවෙන බස් රියකි. මගීන්ගෙන් පිරී ඉතිරී තිබූ එහි සිටගෙන සිටීමටද අසීරුය. වයස අවුරුදු 70ක් පමණ පෙනුමැති වයසක මවක් ඉතා අසීරුවෙන් ආසනයක් අල්ලාගෙන එහාට මෙහාට පැද්දෙමින් සිටියද ඇයට අසුනක් දීමට තරම් කාරුණික හදවතක් ඇත්තෙක් බසයේ නොවීය.

තරුණයාට සම්මුඛ පරීක්‍ෂණයට යන්න අපූරු චරිත සහතිකයක්

Posted by Lakmal Bandara on 10:55 PM comments (0)

දන්නා කියන තරුණයෙකු වෙනුවෙන් දුන් අපූරු චරිත සහතිකයක් පිළිබඳ කතාවකි මේ.

ඔහු විරැකියාවෙන් පෙළුණු තරුණයින් අතර තවත් එක් අයෙකි.
ඔහේ බලා නොසිට හැකි තාක් ප‍්‍රායෝගික දැනුම ලබාගැනීම සඳහා බාහිරව පාඨමාලා රැසක් හැදෑරීය.

තහනම් ගෙඩි කන්න ඇවිත් එළිවෙනතුරු අල්මාරිය ඇතුළේ

Posted by Lakmal Bandara on 10:24 PM comments (0)

ඌව පළාතේ ඈත ගමකි. රූමත් කතකි. දුර යන රියැදුරනට තේ පැන් සංග‍්‍රහයට ඇය දක්‍ෂය. ඒත් නොමිලේ නොවේ. නිතර එන වෑන් රථ රියැදුරකු සමග ඇය හිතවත්කමක් ගොඩ නගා ගත්තාය. ඇගේ සැමියා වැඩිපුර ගෙදර නැත. ඒනිසා ඔහුට ගෙදර එන්නට ලැබෙන්නේ මාසයකට හෝ දෙකකට වරකි.
තම නිවෙසට දහවල් කෑමට එන ලෙස කාන්තාව දිනක් තම හිතවත් රියැදුරුට ආරාධනා කළාය. ඔහුද ඉබ්බා දියට දැමුවා සේ ටිකක් හවස් වන්නට හැර එම නිවෙසට ගියේය. ඔවුනට කාලය ගතවන වේගය ගැන අවබෝධයක් නොවුණි.

මාමණ්ඩිය දුටු ගමන් බෑනා කාන්තාව මගදමා දුවලා

Posted by Lakmal Bandara on 1:07 AM comments (0)


රත්නපුරයට ආසන්න ලැගුම්හලකි. සිකුරාදා පෙරවරුවේ රත්නපුර පොලිසියේ පිරිසක් වෙස් වලාගෙන ති‍්‍රරෝද රියක නැගී එහි ගියේ යම්කිසි කාරියක් සඳහාය. එම අවස්ථාවේ තරුණ යුවළක් ලැගුම්හලෙන් පිටව යාමට එළියට එමින් සිටියහ. ති‍්‍රරෝද රිය දුටු තරුණයා පණ කඩාගෙන දිව්වේය. සාමාන්‍ය ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන්ට ද මෙය ප‍්‍රහේළිකාවක් විය. කාන්තාව රඳවා

දැන්වීමට ආ රත්තරන් මනාලයා අල්ලන්න දැල් දාන්න වෙලා

Posted by Lakmal Bandara on 2:11 AM comments (0)

රජරට පදිංචි මැදි වයසේ කාන්තාවකි. වසර ගණනාවක් විදේශගතව සිට මුදල් උපයාගෙන මවු රටට පැමිණෙන විට ඇයගේ කල වයස ද පසුවී තිබුණි. ඉක්මනින්ම විවාහයක් කර ගන්නා අදහසින් ඇය පුවත්පතක මංගල දැන්වීම් තීරයේ දැන්වීමක් පළ කළාය. දැන්වීම පළ දරමින් දින දෙකක් යන්නට මත්තෙන් මනාලයෙක් ඈ සොයා පැමිණියේය.

මනාලයා හොඳ සල්ලිකාරයෙක් වගේය. ඔහුගේ අතෙහි පවුම් හතරක් පහක් පමණ වෙතැයි සිතිය හැකි පළඳනාවකි. ගෙලෙහි බලූ දම්වැලක් තරම් මහත රන් මාලයකි.

පාන්දර හතරට ‘‘මෝහිණී ’’ ඇවිත් ගෙහිමියාට තරු පෙනිලා

Posted by Lakmal Bandara on 5:07 AM comments (1)

දුෂ්කර ගමක පදිංචි ඇය තරුණ එක්දරු මවකි. සිය අත දරුවාට වැළඳුන රෝගයකට ප‍්‍රතිකාර සඳහා පසුගිය දිනයක රෝහලට ගියාය. රෝග පරීක්ෂාවෙන් පසු වෛද්‍ය නිගමනය වූයේ දරුවාට නේවාසික ප‍්‍රතිකාර දිය යුතු බවය.

දින කිහිපයක් නේවාසිකව සිය දරුවාට රෝහලේ දී ප‍්‍රතිකාර ගැනීමෙන් පසු සුවය ලැබූ හෙයින් ටිකට් කපා නිවෙසට යාමේ අවස්ථාව ඇයට සැලසිණි.

සවස හතරෙන් පසුව ටිකට් කැපූ නිසා එක එල්ලේම තම ගමට යාමට මේ තරුණ මවට ඉඩ ලැබුණේ නැත. මේ නිසා ඇය කල්පනා කළේ පුංචිඅම්මාගේ නිවෙසෙහි එදින රාත‍්‍රිය ගත කර පසු දින අලූයම් කාලයේ ගමට යාමටය.

තමාගේ සහ දරුවාගේ ඇඳුම් පැළඳුම් ඇතුළු කළමනා සියල්ල ගමන් මල්ලක දමාගත් ඇය සවස පහට පමණ රෝහලෙන් නික්මුනාය.