තරුණයාට සම්මුඛ පරීක්‍ෂණයට යන්න අපූරු චරිත සහතිකයක්

Posted by Lakmal Bandara on 10:55 PM

දන්නා කියන තරුණයෙකු වෙනුවෙන් දුන් අපූරු චරිත සහතිකයක් පිළිබඳ කතාවකි මේ.

ඔහු විරැකියාවෙන් පෙළුණු තරුණයින් අතර තවත් එක් අයෙකි.
ඔහේ බලා නොසිට හැකි තාක් ප‍්‍රායෝගික දැනුම ලබාගැනීම සඳහා බාහිරව පාඨමාලා රැසක් හැදෑරීය.
ඒ අතරම පෞද්ගලික අංශයේ ආයතන රැසකට ඉල්ලූම්පත‍්‍ර යොමු කළේය. ඒ අනුව ආයතන කිහිපයකින්ම ඔහුට සම්මුඛ පරීක්‍ෂණ සඳහා කැඳවීම් ලැබිණි.

ඔහුද ඉහේ මලක් පිපුණා සේ සතුටින් අදාළ දිනයට පෙර ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි සූදානම් කෙළේය.

උප්පැන්න සහතික, අධ්‍යාපන සහතික, ප‍්‍රායෝගික දැනුම් සපිරි පාඨමාලා, සහතික සහ ලියකියවිලි සම්පූර්ණ කරගත් අතර ඒ අතරට චරිත සහතිකයක් ද අවශ්‍යව තිබුණි.

ඒ සඳහා අසල්වැසි නිවෙසේ සිටින සේවයෙන් විශ‍්‍රාම ගිය ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරිකයකු හමුවට ගියේ ඔහුට සාම විනිසුරු පදවියක් ද ඇති නිසාය.

තරුණයා ඔහුට කාරණාව සැල කළේය. අනේ පුතා මම දැන් පුංචි වැඩක. ඔයා හෙට උදේ යන ගමන් එන්න මම ලියලා තියන්නම් ඔහු කීය. වැඩිහිටි අසල්වැසියාගේ කීමට කීකරු වී තරුණයා ආපසු ගියේය.

පසුදින උදැසනම කඩිමුඩියේ සූදානම් වී අසල්වැසි නිවෙසේ ඇති චරිත සහතිකයද රැගෙන මඳක් පරීක්‍ෂා කොට බලා අවශ්‍ය කටයුත්ත සඳහා පිටත්ව ගියේය.

සම්මුඛ පරීක්‍ෂණයේදී තොරතුරු කතා බහ කළේය. සහතික පරීක්‍ෂාව ඒ අතරම සිදුකැරිණි. මොකටද මේ කුරුඳු වෙළෙන්දෙකුගෙන් සහතික මේවා අපට අදාළ නැහැ. තරුණයා ඇස් උඩ තබා බලා සිටියේය.

මොහොතකින් සියල්ල වැටහී ගියේය. චරිත සහතිකයේ සාමදාන විනිසුරුවරයාගේ නිල මුද්‍රාව ඇති තැන තිබූයේ කුරුඳු වෙළඳාම සහ මිලදී ගැනීමේ ආයතනයක නමකි.

එය තම අසල්වැසියාගේය.

Copyed by:-Lankadeep

Comments
0 Comments
Facebook Comments by Tricks Lanka

0 comments:

Post a Comment